Tuesday, July 30, 2013

Java පරිගණක භාෂාව

at 7:18 PM  |  1 comment



Java කියන්නේ දැනට ලෝකේ තියෙන හොදම පරිගණක භාෂාවක්.....

ඔයා අතේ තියෙන ජංගම දුරකතනයේ ඉඳල විශ්වය පුරා සැරිසරන චන්ද්‍රිකා දක්වා තියෙන ගොඩාක් උපාංග පනගැන්වෙන්නේ java පරිගණක භාෂාවෙන්.....

java පරිගණක භාෂාව ලෝකයට එලි දකින්නේ  1995දීයි.java පරිගණක භාෂාව නිර්මාණය කරන්නේ ජේම්ස් ගොස්ලින් (James Gosling) විසිනුයි.ජේම්ස් ගොස්ලින් තමන්ගේ කාර්යාලයේ ඉදන් නව පරිගණක භාෂාවක් නිර්මාණය කරනවා.ගොස්ලින්ගේ කාර්යාලය ඉදිරිපිට ජනේලයෙන් පිටත බැලූ විට පෙන්න තියෙන්නේ ඔක් ගසක්.මේ ඔක් ගස දිහා බලමින් නිර්මාණය කල මේ පරිගණක භාෂාව ගොස්ලින් ඕක් නමින් නම් කරනවා.එත් මේ භාෂාව හදල ඉවර උනාම ගොස්ලින් දැනගන්නවා ඔක් නමින් දැනටමත් භාෂාවක් තියෙන බව.තමගේ භාෂාවට අළුත් නමක් හිත හිත යන අතරේ කෝපි කෝප්පයක් බීල යන්න කෝපි අලෙවිසලකට ගොඩ වුණා.කෝපි කෝප්පයේ විශිෂ්ඨ බව නිසා ඔහු ඒ කෝපි කොප්පයේ තිබුන නම බැලුවා.එකේ තිබුනේ දුම් දමන කෝපි කෝප්පයක සලකුණත් එක්ක ජාවා කියන නම.තමන්ගේ භාෂාවට දාන්න හොදම නම හමුවුනා යයි හිතූ ගොස්ලින් ඒ නම හා සලකුණ තමන්ගේ පරිගණක භාෂාවට යොදා ගත්තා.ඒ නම හා සලකුණ තමා අපි අදත් දකින java ලකුණ.....

එහෙනම් තව post එකකින් හමුවෙමු.....
හමෝටම java සරණයි කිව්වා ඕන්.....



Share
Posted by Unknown
Java සිංහලෙන්

Java වලට කැමති හැමෝටම.java සිංහලෙන්.

1 comment:

© 2013 javasinhalen. Woo Themes converted by BloggerTheme9
Blogger template Proudly Powered by Blogger.