Tuesday, August 13, 2013

ජාවා ක්‍රමලේඛණය...

at 12:59 PM  |  No comments


ජාවා ක්‍රමලේඛණය සදහා විවිද editors බාවිතා කල හැක.එම editors ප්‍රධාන වශයෙන් කොටස් 2කි.
1.Terminal editors.
2.IDE - Intergated Development Environment.

1.Terminal editors.
අප එදිනෙදා භාවිතා කරන සාමාන්‍ය editors මේ යටතට ගැනේ.
          උදා:- Notepad,Wordpad

2.IDE - Intergated Development Environment.
 ක්‍රමලේඛණය සදහාම විශේෂයෙන් සැකසු වැඩසටහන් මේ යටතට ගැනේ.
          උදා:- Netbeans

මේවා භාවිතයෙන් ඇති වාසි කීපයකි.
1.Graphical interfaces පහසුවෙන් නිර්මාණය කල හැකි වීම.(interfaces වලට code නොලියා design කරගත හැකි වීම)
2.වැරදීම් සිදුවීම අඩුය.(වැරදි ඇති තැන පෙන්වන නිසා නිවැරදි කිරීම පහසුය.)
3.වැයවන කාලය අඩුය.(Terminal editors වලට සාපේක්ෂව)
4.නවකයින්ට භාවිතය පහසුය.

වැනි කරුණු දැක්විය හැක.

Java Components

 java වල අඩංගු සංරචක...
1.Classes
2.Variables
3.Methods

Identifiers

     ජාවා ක්‍රමලේඛණයේදී යොදා ගන්නා classes,variables,methods හදුනා ගැනීමට නමක් යෙදිය යුතුවේ.මෙසේ යොදන නම ඒ අදාල සංරචකයේ Identifier එක වේ.


* Identifier එක තනි වචනයක් විය යුතුය.අකුරු,ඉලක්කම්,සංකේත ඕනෑම ප්‍රමාණයක් ඇතුලත් කල හැක.(No limit)
* space තැබිය නොහැක.වචන 1ට වැඩියෙන් ලියන විට සාමාන්‍යයෙන් වචන වල මුල් අකුර capital ලිවිම හෝ වචන අතර "_"(Underscore) තබයි.මෙය java වල රීතියකි.මෙසේ කිරීම අනිවාර්ය නැතත් බොහෝ ය මෙසේ කරයි.
           උදා:-MyFirstProgramme
                   My_ First_Programme
* මුල අකුර character(අකුරු) හෝ _ , $ යන සංකේත වලින් පමණක් තැබිය හැක.වෙනත් කිසිම සංකේතයක් හෝ ඉලක්කමක් තැබිය නොහැක.
* මුල අකුර capital ලිවිම සම්ප්‍රධාය වේ (රීතියකි).
* මුලට නොමැතිව අනිත් ඕනෑම තැනකට ඉලක්කම් භාවිතා කල හැක.
* _ , $ හැර අනෙකුත් කිසිම සංකේතයක් කිසිම තැනකට භාවිත කල නොහැක.
* java භාෂාව case sensitive වේ.එනම් simple,capital අකුරු වෙන වෙනම හදුනා ගනී. simple,capital සංවේදී වේ.
* keywords භාවිත කල නොහැක.

Share
Posted by Unknown
Java සිංහලෙන්

Java වලට කැමති හැමෝටම.java සිංහලෙන්.

0 comments:

© 2013 javasinhalen. Woo Themes converted by BloggerTheme9
Blogger template Proudly Powered by Blogger.