Sunday, August 11, 2013

පරිගණක භාෂා...

at 11:39 AM  |  No comments

java ගැන ඉගෙන ගන්න කලින් අපි බලමු පරිගණක භාෂාවක් කියන්නේ මොකද්ද කියලා.
භාෂාවක් භාවිතා කරන්නේ කණ්ඩායම් දෙකක් අතර සන්නිවේදන කටයුතු කරන්නනේ.මිනිසුන් අතර යොදාගන්න භාෂා human languages ලෙස හදුන්වනවා.
පරිගණකයත් එක්ක සන්නිවේදනය කරන්න යොදා ගන්න භාෂා තමයි පරිගණක භාෂා කියන්නේ.
පරිගණක භාෂා ගොඩක් හදල තිබුනට පරිගණකයට තේරුම් ගන්න පුළුවන් එකම එක භාෂාවයි ඒ යන්ත්‍ර භාෂාවයි (machine language).ඒ කිව්වේ binaries(1 හා 0) වලින්.
එත් ඒ භාෂාව මිනිස්සුන්ට තේරුම්ගන්න අමාරුයි.ඒ නිසයි භාවිතයේ පහසුවට පරිගණක භාෂා නිර්මාණය කලේ.
ඒ නිර්මාණය කල භාෂා වලින් සිදුවෙන්නේ මිනිසා ලබාදෙන විධාන යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කර පරිගණකයට ලබා දීමත් පරිගණකය ලබාදෙන ප්‍රතිදාන නැවත පරිවර්තනය කර මිනිසාට ලබා දීමත් වේ.

පරිගණක භාෂා කොටස් 2කට බෙදා දැක්විය හැක.
1.Low level language
2.High level language

1.Low level language
පරිගණකයට(යන්ත්‍ර භාෂාවට) වඩාත් කිට්ටු පරිගණක භාෂා මෙයට අයත් වේ.මේවා පහසුවෙන් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කල හැකි නිසා පරිගණකයට පහසුවෙන් තේරුම් ගත හැක.එසේම අමුතුවෙන් පරිවර්තකයෙකු අවශ්‍යද නැත.එම නිසා මේ භාෂා බාවිතයේදී පරිගණකයේ වේගය වැඩිය.එහෙත් භාවිතා කරන්නන්ට අපහසුය.

2.High level language
මිනිසාට(මිනිස් භාෂාවට) වඩාත් කිට්ටු පරිගණක භාෂා මෙයට අයත් වේ.මේවා යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීම Low level language වලට සාපේක්ෂව අසීරු නිසා පරිගණකයට පහසුවෙන් තේරුම් ගත නොහැක.එසේම පරිවර්තකයෙකු අවශ්‍ය වේ.එම නිසා මේ භාෂා බාවිතයේදී පරිගණකයේ වේගය සාපේක්ෂව අඩුය.එහෙත් භාවිතා කරන්නන්ට පහසුය.

Share
Posted by Unknown
Java සිංහලෙන්

Java වලට කැමති හැමෝටම.java සිංහලෙන්.

0 comments:

© 2013 javasinhalen. Woo Themes converted by BloggerTheme9
Blogger template Proudly Powered by Blogger.