Monday, August 26, 2013

අපි java වලින් ලියන අපේ පලවෙනි වැඩසටහන ලියමු අද.මම පොඩි video එකක් හැදුවා.ඒක බලන්න.java install කිරීම,path set කිරීම හා සරල java වැඩසටහනක් ලියන ආකාරය ගැන.ඒක බාගෙන බලන්න.මම ඉස්සරහට කරන පාඩම් ඔක්කොම video මාර්ගයෙන් තමයි කරන්න හිතන් ඉන්නේ.ඔයාලට තියෙන ප්‍රශ්ණ comment එකක් විදියට දාන්න.මේ එක්කම මම database හා SQL ගැනත් lessons පටන් ගන්නවා.දිගටම රැදෙන්න මා එක්ක.ගිහින් එන්නම් හැමෝටම java සරණයි...

පළමු java වැඩසටහන ලියමු.....

at 1:15 AM  |  No comments

අපි java වලින් ලියන අපේ පලවෙනි වැඩසටහන ලියමු අද.මම පොඩි video එකක් හැදුවා.ඒක බලන්න.java install කිරීම,path set කිරීම හා සරල java වැඩසටහනක් ලියන ආකාරය ගැන.ඒක බාගෙන බලන්න.මම ඉස්සරහට කරන පාඩම් ඔක්කොම video මාර්ගයෙන් තමයි කරන්න හිතන් ඉන්නේ.ඔයාලට තියෙන ප්‍රශ්ණ comment එකක් විදියට දාන්න.මේ එක්කම මම database හා SQL ගැනත් lessons පටන් ගන්නවා.දිගටම රැදෙන්න මා එක්ක.ගිහින් එන්නම් හැමෝටම java සරණයි...

Read More

0 comments:

Friday, August 16, 2013

Java වැඩසටහන් ලියනුයේ classes තුලය.

Class තනන ආකාරය
1.class යන keyword එක යෙදීම
2.class එකට නමක්(identifier) යෙදීම.
3.class scope(සඟල වරහන්) යෙදීම.

           උදා:-class java{

                   }
java යනු මෙහි class name එක වේ.

Main method

සෑම java වැඩසටහනකම ප්‍රධාන කොටස Main method එක වේ.මෙය සෑම සෑම java වැඩසටහනකම ඇත.සෑම java වැඩසටහන ධාවනය වන්නට පටන් ගන්නේ Main method එකෙනි.Main method එක run වී ඉවර වන්නේ වැඩසටහන ඉවර වන විටය.එනම් java වැඩසටහනේ සියලු දෑ ඇත්තේ Main method එක තුලය.Main method එක පහත දැක්වේ.මෙය මතකයේ රදවා ගන්න.(java යනු case sensitive(simple capital සංවේදී) භාෂාවක් නිසා ලිවීමේදී නිවැරදිව simple capital යොදා ලිවිය යුතු වේ.)

                         public static void main(String args[]){

                         }

Java Classes & Main method...

at 8:14 AM  |  No comments

Tuesday, August 13, 2013

ජාවා ක්‍රමලේඛණය සදහා විවිද editors බාවිතා කල හැක.එම editors ප්‍රධාන වශයෙන් කොටස් 2කි.
1.Terminal editors.
2.IDE - Intergated Development Environment.

1.Terminal editors.
අප එදිනෙදා භාවිතා කරන සාමාන්‍ය editors මේ යටතට ගැනේ.
          උදා:- Notepad,Wordpad

 ක්‍රමලේඛණය සදහාම විශේෂයෙන් සැකසු වැඩසටහන් මේ යටතට ගැනේ.
          උදා:- Netbeans

මේවා භාවිතයෙන් ඇති වාසි කීපයකි.
1.Graphical interfaces පහසුවෙන් නිර්මාණය කල හැකි වීම.(interfaces වලට code නොලියා design කරගත හැකි වීම)
2.වැරදීම් සිදුවීම අඩුය.(වැරදි ඇති තැන පෙන්වන නිසා නිවැරදි කිරීම පහසුය.)
3.වැයවන කාලය අඩුය.(Terminal editors වලට සාපේක්ෂව)
4.නවකයින්ට භාවිතය පහසුය.

වැනි කරුණු දැක්විය හැක.

Java Components

 java වල අඩංගු සංරචක...
1.Classes
2.Variables
3.Methods

Identifiers

     ජාවා ක්‍රමලේඛණයේදී යොදා ගන්නා classes,variables,methods හදුනා ගැනීමට නමක් යෙදිය යුතුවේ.මෙසේ යොදන නම ඒ අදාල සංරචකයේ Identifier එක වේ.

* Identifier එක තනි වචනයක් විය යුතුය.අකුරු,ඉලක්කම්,සංකේත ඕනෑම ප්‍රමාණයක් ඇතුලත් කල හැක.(No limit)
* space තැබිය නොහැක.වචන 1ට වැඩියෙන් ලියන විට සාමාන්‍යයෙන් වචන වල මුල් අකුර capital ලිවිම හෝ වචන අතර "_"(Underscore) තබයි.මෙය java වල රීතියකි.මෙසේ කිරීම අනිවාර්ය නැතත් බොහෝ ය මෙසේ කරයි.
           උදා:-MyFirstProgramme
                   My_ First_Programme
* මුල අකුර character(අකුරු) හෝ _ , $ යන සංකේත වලින් පමණක් තැබිය හැක.වෙනත් කිසිම සංකේතයක් හෝ ඉලක්කමක් තැබිය නොහැක.
* මුල අකුර capital ලිවිම සම්ප්‍රධාය වේ (රීතියකි).
* මුලට නොමැතිව අනිත් ඕනෑම තැනකට ඉලක්කම් භාවිතා කල හැක.
* _ , $ හැර අනෙකුත් කිසිම සංකේතයක් කිසිම තැනකට භාවිත කල නොහැක.
* java භාෂාව case sensitive වේ.එනම් simple,capital අකුරු වෙන වෙනම හදුනා ගනී. simple,capital සංවේදී වේ.
* keywords භාවිත කල නොහැක.

ජාවා ක්‍රමලේඛණය...

at 12:59 PM  |  No comments

Java Keywords

java වල විවිද විදාන සදහා භාවිත කරන වචන මාලාව Java Keywords වේ.java Java Keywords තමයි මේ තියෙන්නේ.මේවාගේ තේරුම් භාවිතයන් ඉදිරියට ඉගෙන ගමු.

abstract continue for new switch
assert*** default goto* package synchronized
boolean do if private this
break double implements protected throw
byte else import public throws
case enum**** instanceof return transient
catch extends int short try
char final interface static void
class finally long strictfp** volatile
const* float native super while
*   not used
**   added in 1.2
***   added in 1.4
****   added in 5.0

Java Keywords යනු...

at 12:42 PM  |  No comments

Java වැඩසටහනක් ක්‍රියා කරන හැටි

             අපි editor එකක් භාවිතයෙන් ලියු source code එක(java file එක) java compiler වෙතට ලබා දේ.java compiler එක විසින් source code එකෙන් class file එකක් සාදයි.(Byte code / Magic code යනුවෙන් හදුන්වන්නේද මෙම class file එකම වේ).ඉන්පසු JVM - Java Virtual Machine විසින් මෙම class file එක machine code එකට(යන්ත්‍ර භාෂාවට) හරවා ධාවනය(run) කරයි.

Compiler යනු කුමක්ද?
          ඕනෑම පරිගණක භාෂාවක අපිට හමුවෙන දෙන්නෙක් තමයි මේ compiler හා interpreter.අපි ලියපු source code එක මුලින්ම බලන්නේ compiler.එයා එකේ තියෙන වැරදි පෙන්වල දෙනවා.වැරදි වර්ගත් දෙකක් තියෙනවා.එකක් compile වෙන වෙලාවේ අහුවෙන වැරදි.අනිත්ව run වෙන වෙලාවේදී අහුවෙන වැරදි.මේ දෙවනියට කියපු වැරදි compile වෙන වෙලාවේ අහුවෙන්නේ නෑ.පලවෙනි විදියේ වැරදි තියෙනවනම් හදන්න කියනවා.හැදුවට පස්සේ එයා source code එක machine code එකට හරවනවා.දැන් එයාගේ වැඩ ඉවරයි

Interpreter යනු කුමක්ද?
              compiler හදපු  machine code එක check කරනවා.හැබැයි මෙයා compiler වගේ මුලින්ම code එක සම්පුර්නෙන්ම check කරල ඉන්නේ නෑ.run කරන ගමන් තමයි check කරන්නේ.error එකක් අපු ගමන් run කරන එක නවත්තල error එක හදන්න කියනවා.මේ දෙන්නම වැඩ කරන්නේ පේලියෙන් පේලියට.ඒ කිව්වේ program එක පටන් ගන්න තැන ඉදල පේලියෙන් පේලිය පිළිවෙලට තමයි run වැඩ කරන්නේ.

දැන් තව දෙයක් කියන්න ඕනේ.මේක අනිත් භාෂා සහ java අතර තියෙන තවත් වැදගත් වෙනසක්.C , C#  වගේ ගොඩක් දියුණු අනෙත් භාෂා වල compiler හා interpreter එකට එක වැඩසටහනක් විදිහටයි තියෙන්නේ.එත් java වල මේ දෙක වෙන වෙනම තියෙන්නේ.ඉතින් මේ දෙකේ තියෙන වෙනස ඇයි මෙච්චර වැදගත්.

මේකයි java compiler ටිකක් වෙනස්.එයා source code එක machine code එකට හරවන්නේ නෑ.එයා එකෙන් වෙනම file එකක් හදනවා.මේකට class file,magic code,byte code කියන නම් පාවිච්චි කරනවා.ඊට පස්සේ java වල ඉන්න interpreter, අපි මෙයාට වෙනම නමක් කියනවා.ඒ තමා JVM - Java Virtual Machine.මෙයා මේ class file එක machine code එකට(යන්ත්‍ර භාෂාවට) හරවා ධාවනය(run) කරනවා.

ඇයි ඉතින් එහෙම එකක් හදන්නේ?කෙලින්ම machine code එකට හැරෙව්වේ නැත්තේ ඇයි?
මේකයි C , C#  වගේ ගොඩක් භාෂා වල compiler හා interpreter එකට එක වැඩසටහනක් විදිහටයි තියෙන නිසා එක පරම compile වෙලා run වෙනවා.මේ ලියපු වැඩසටහන වෙනත් පරිගණකයකට ගෙනයද්දී ගැටළුවක් එනවා.මුළු project එකම උස්සන් යන්න සිද්ද වෙනවා.මම කිව්වේ setup file එක හදන්න කලින් හොදේ.java වල එහෙම අවුලක් නෑ.project එකම උස්සන් යන්න සිද්ද වෙන්නේ නෑ class file එක ගෙනිච්චම හරි.ඒ පරිගණකයේ JVM ඉතුරු වැඩ ටික බලාගනී.

තව දෙයක් C , C#  වගේ ගොඩක් භාෂා Platform Independence නැහැ.වැඩසටහන් හදන පරිගණකයේ platform එකේ විතරයි වැඩ කරන්නේ.
උදා:- windows වල ලියපු වැඩසටහනක් run වෙන්නේ windows වලින් පණගැන්වෙන පරිගණක වල විතරයි.
ඇයි මේ?හේතුව මේකයි එක platform එකක ඉදන් ලියපු වැඩසටහනක් තවත් platform එකක ඉන්න compiler + interpreter ට හදුනා ගන්න බෑ.තව විදියකින් කිව්වොත් වැඩසටහනට බෑ ඒ ඒ platform එකට අනුව හැඩගැහෙන්න.

එත් java එහෙම නෑ.java වල bytecode එක ඒ කිව්වේ compilerගේ output එක සම්බන්ද වෙන්නේ JVM එකත් එක්ක.bytecode ට බෑ ඒ ඒ platform එකට අනුව හැඩගැහෙන්න එත් JVM එකට ඒ කිව්වේ interpreter ට පුළුවනි. JVM එක platform එකට අනුව හැඩ ගැහිලයි ඉන්නේ.එයා bytecode එක run කරනවා.මෙතැනදී platform එකත් එක්ක set වෙලා ගේම ගහන්නේ JVM එක.

මේ නිසා java කියන්නේ Platform Independence language එකක්.ඒවගේම පහසුවෙන් ගෙනයා හැකි නිසාත් Platform Independence නිසාත් මෙය portable language එකක් ලෙස හදුන්වයි.

Java වැඩසටහනක් ක්‍රියා කරන හැටි...

at 12:36 PM  |  No comments

Sunday, August 11, 2013

java ගැන ඉගෙන ගන්න කලින් අපි බලමු පරිගණක භාෂාවක් කියන්නේ මොකද්ද කියලා.
භාෂාවක් භාවිතා කරන්නේ කණ්ඩායම් දෙකක් අතර සන්නිවේදන කටයුතු කරන්නනේ.මිනිසුන් අතර යොදාගන්න භාෂා human languages ලෙස හදුන්වනවා.
පරිගණකයත් එක්ක සන්නිවේදනය කරන්න යොදා ගන්න භාෂා තමයි පරිගණක භාෂා කියන්නේ.
පරිගණක භාෂා ගොඩක් හදල තිබුනට පරිගණකයට තේරුම් ගන්න පුළුවන් එකම එක භාෂාවයි ඒ යන්ත්‍ර භාෂාවයි (machine language).ඒ කිව්වේ binaries(1 හා 0) වලින්.
එත් ඒ භාෂාව මිනිස්සුන්ට තේරුම්ගන්න අමාරුයි.ඒ නිසයි භාවිතයේ පහසුවට පරිගණක භාෂා නිර්මාණය කලේ.
ඒ නිර්මාණය කල භාෂා වලින් සිදුවෙන්නේ මිනිසා ලබාදෙන විධාන යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කර පරිගණකයට ලබා දීමත් පරිගණකය ලබාදෙන ප්‍රතිදාන නැවත පරිවර්තනය කර මිනිසාට ලබා දීමත් වේ.

පරිගණක භාෂා කොටස් 2කට බෙදා දැක්විය හැක.
1.Low level language
2.High level language

1.Low level language
පරිගණකයට(යන්ත්‍ර භාෂාවට) වඩාත් කිට්ටු පරිගණක භාෂා මෙයට අයත් වේ.මේවා පහසුවෙන් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කල හැකි නිසා පරිගණකයට පහසුවෙන් තේරුම් ගත හැක.එසේම අමුතුවෙන් පරිවර්තකයෙකු අවශ්‍යද නැත.එම නිසා මේ භාෂා බාවිතයේදී පරිගණකයේ වේගය වැඩිය.එහෙත් භාවිතා කරන්නන්ට අපහසුය.

2.High level language
මිනිසාට(මිනිස් භාෂාවට) වඩාත් කිට්ටු පරිගණක භාෂා මෙයට අයත් වේ.මේවා යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීම Low level language වලට සාපේක්ෂව අසීරු නිසා පරිගණකයට පහසුවෙන් තේරුම් ගත නොහැක.එසේම පරිවර්තකයෙකු අවශ්‍ය වේ.එම නිසා මේ භාෂා බාවිතයේදී පරිගණකයේ වේගය සාපේක්ෂව අඩුය.එහෙත් භාවිතා කරන්නන්ට පහසුය.

පරිගණක භාෂා...

at 11:39 AM  |  No comments

Friday, August 9, 2013

ඒවගේම මම මුල ඉදන්ම java කියල දෙන්න තමයි මේ blog එක හැදුවේ.එත් වැඩේට කාලය හොයාගන්නත් එපාය.java ඉගෙන ගන්න කලින් ඕනේ කරන දේවල් ටිකක් තියෙනවා.ඒ කිව්වේ ඔයාගේ පරිගණකයේ ස්ථාපනය කරන්න ඕනෙ මෘදුකාංග ටිකක් තියෙනවා.ඒවගේ අලුත්ම සංස්කරණ වල link ටිකක් පහල තියෙනවා.අරන් install කරගන්න.

1.JDK (java development kit)
            JDK 1.7u25 - Download page...

ඔයාගේ පරිගණකයේ බිට් version එකට ගැලපෙන එක Download කරගන්න.Download කරන්න කලින් Accept License Agreement කියන එක tick කරන්න.

ඔයාගේ පරිගණකය 64bit නම් jdk-7u25-windows-x64.exe
ඔයාගේ පරිගණකය 32bit නම් jdk-7u25-windows-i586.exe
 
2.MySQL Server
            MySQL Server 5.6 - Download page...
            මේකෙත් ඔයාගේ පරිගණකයේ බිට් version එකට ගැලපෙන එක Download කරගන්න.

3.Navicat
            Navicat for MySQL Enterprise Edition v10.0.9+keygen - Download...
            Only Keygen - Download...

4.NetBeans IDE
             NetBeans IDE 7.3.1 - Download page...
             මේ page එකේ All කියන column එකේ තියෙන NetBeans IDE එක Download කරගන්න.

5.MySQL Administrator - Download...

6.EXE 4j
             exe4j 4.5.2 windows-x32 - Download...
             exe4j 4.5.2 windows-x64 - Download...      

වැඩේ පටන් ගන්න මේ ටික ඇති.මේ softwares පාවිච්චි කරන්නේ විවිධ දේවල් වලට.ඒවා ඉස්සරහට කියල දෙන්නම්.දැනට මේ ටික බාගන්න.jdk එකයි,Netbeans එකයි install කරගන්න.අනිත් ඒවා install කරන තැන ඉදන්ම කියල දෙන්න ඕනේ.ඒවා ඕන උනාම කියන්නම්.අදට එපමණයි.
ආ තව java component ටිකක් දෙන්නම්.මේ ටික download කරලා තියාගන්න.

Java components - Download...

කට්ටියටම java සරණයි...අපි ගියා එහෙනම්...

Java ඉගෙනීමට පෙර...

at 11:00 PM  |  No comments

internet එක පීරන අතරතුරේ මට හම්බුනු java සහ SQL සිංහල pdf ටිකක් තමයි දෙන්න යන්නේ.මේ ටික මට හම්බුනේ geek එකේ යාලුවෝ දෙන්නෙක්ගෙන්.හොද pdf ටිකක් අරගෙන කියවලා බලන්න.java ඉගෙනගන්න අයට වැදගත් pdf ටිකක්.

rar password- javasinhalen 

Java හා SQL සිංහල pdf සෙට් එකක්.....

at 10:43 PM  |  7 comments

internet එක පීරන අතරතුරේ මට හම්බුනු java සහ SQL සිංහල pdf ටිකක් තමයි දෙන්න යන්නේ.මේ ටික මට හම්බුනේ geek එකේ යාලුවෝ දෙන්නෙක්ගෙන්.හොද pdf ටිකක් අරගෙන කියවලා බලන්න.java ඉගෙනගන්න අයට වැදගත් pdf ටිකක්.

rar password- javasinhalen 

Read More

7 comments:

Wednesday, July 31, 2013

කව්රුත් කැමතිනේ web designing ඉගෙනගන්න.web designing online ඉගෙනගන්න තියෙන හොදම තැන තමයි w3schools කියන්නේ.මම අරන් ආව එකේ offline version එක.පහල දාල තියෙන 7z file එක බාගන්න.7zip වලින් extract කරගන්න එතකොට W3schools Offline Version කියල folder එකක් ලැබේවි.ඒක ඇතුලේ තව folder 2ක් ඇති.

1.www.w3schools.com
2.w3schools.invisionzone.com

ඔය පලවෙනි එකේ සම්පුර්ණ site එක තියෙනවා.ඒ folder එක ඇතුලේ default කියන html page එක browser එකෙන් open කලාම home page එක එනවා.ඊට පස්සේ නොර්මල් විදියට ලින්ක් වලින් ගිහින් ඉගෙන ගන්න.

දෙවැනි folder එකේ තියෙන්නේ forum සහ තව දේවල් වගයක්.එකෙ
ත් default කියන html page එක browser එකෙන් open කලාම හරි.

W3schools Offline Version

at 8:57 AM  |  No comments

Tuesday, July 30, 2013

Java කියන්නේ දැනට ලෝකේ තියෙන හොදම පරිගණක භාෂාවක්.....

ඔයා අතේ තියෙන ජංගම දුරකතනයේ ඉඳල විශ්වය පුරා සැරිසරන චන්ද්‍රිකා දක්වා තියෙන ගොඩාක් උපාංග පනගැන්වෙන්නේ java පරිගණක භාෂාවෙන්.....

java පරිගණක භාෂාව ලෝකයට එලි දකින්නේ  1995දීයි.java පරිගණක භාෂාව නිර්මාණය කරන්නේ ජේම්ස් ගොස්ලින් (James Gosling) විසිනුයි.ජේම්ස් ගොස්ලින් තමන්ගේ කාර්යාලයේ ඉදන් නව පරිගණක භාෂාවක් නිර්මාණය කරනවා.ගොස්ලින්ගේ කාර්යාලය ඉදිරිපිට ජනේලයෙන් පිටත බැලූ විට පෙන්න තියෙන්නේ ඔක් ගසක්.මේ ඔක් ගස දිහා බලමින් නිර්මාණය කල මේ පරිගණක භාෂාව ගොස්ලින් ඕක් නමින් නම් කරනවා.එත් මේ භාෂාව හදල ඉවර උනාම ගොස්ලින් දැනගන්නවා ඔක් නමින් දැනටමත් භාෂාවක් තියෙන බව.තමගේ භාෂාවට අළුත් නමක් හිත හිත යන අතරේ කෝපි කෝප්පයක් බීල යන්න කෝපි අලෙවිසලකට ගොඩ වුණා.කෝපි කෝප්පයේ විශිෂ්ඨ බව නිසා ඔහු ඒ කෝපි කොප්පයේ තිබුන නම බැලුවා.එකේ තිබුනේ දුම් දමන කෝපි කෝප්පයක සලකුණත් එක්ක ජාවා කියන නම.තමන්ගේ භාෂාවට දාන්න හොදම නම හමුවුනා යයි හිතූ ගොස්ලින් ඒ නම හා සලකුණ තමන්ගේ පරිගණක භාෂාවට යොදා ගත්තා.ඒ නම හා සලකුණ තමා අපි අදත් දකින java ලකුණ.....

එහෙනම් තව post එකකින් හමුවෙමු.....
හමෝටම java සරණයි කිව්වා ඕන්.....

Java පරිගණක භාෂාව

at 7:18 PM  |  1 comment

1 comments:

© 2013 javasinhalen. Woo Themes converted by BloggerTheme9
Blogger template Proudly Powered by Blogger.